Saturday, December 31, 2016

හ්හ්හ්ම්...

හ්හ්හ්ම්...
මුවග ..සුසුමක් පමණක් රදවනා සිත් බැදුම්..
නෙත දුරට මිස..සිත ලගට නොගෙන යායුතු ..
කදුලු බිදු ...තහනම් !!!
වසන්ත යේ සුලන් රැල්... රැක ගත හැකිද සිසිරය තෙක්..

Monday, December 26, 2016

පිනි පියලි ...

මන්  ආස මට ආස හීන වල  දැවටෙන්න..
පිනි වැස්ස කෝ එන්න සිතලට හිනහෙන්න..
සුදුම සුදු  ලෝක වල පාට හැඩ තවරන්න..
තුශර මත මල් පියලි ..මුදු රෙනු ඉසලන්න..

Thursday, June 9, 2016

නෙතු

ඔලු බිමට බර කරන්...
කන් ඇබ තුලින් කවි සින්දු රස බලන්..
Playstore ගිය ගමන් App දෙනව ඇති තරම්..


Data ටික රැක ගන්න!
App කුමට ඔය තරම්..?
game,music wage,family app තව  fashion  ...recommended කරයි..

හටගත් බැවින් පාරිභෝගික  සෙනෙහස උපරිමෙන්...
බාගන්න බගන්න ...නාඩන්න. නඩන්න....loan තව ගත හැකි ....

විටින් විට සල සලා නෙතු පිය...
සොයයි තව ලොකයක් හද ලගින්...
නෙතු පියන් ගතු කියයි තව වරු ගනන්...


(Phone screen එකක් ලග නැවතුන ඇස් දෙකක් සිතනා සිතුවිල්ලක්...)

Tuesday, May 31, 2016

වැහි බින්දුව


සිතමි ඔබ හොඳින් බව..
වචන රහිත හුදෙකලා සිහිනය ..
දිගු කෙහෙරැලි අගින් ගලනා ..
චුටි තෙත වැහි බින්දුව...

විලවුන් පියරු සාරු ගෑ ඇස් පිහාටු ..
නිවී නිවී දැල්වී පහන් සොයපු ..
දින දින වී හිතවත්කම් ..
වට වැස්ස ලග ලගම දැන ...

නොලැබ වැහි අග්නිය ...
හදවත් පහන් දල්වා ...
නික්මුනේ පහන්සිල ...
පහන මග බලා වැහි පතනා ....

Tuesday, May 24, 2016

හිමකිරීම

තරු දකිනවලු හීන ...
ඔබට නොපෙනෙන දුරක...
මා දකිනවා සිහින ඒ උනත් නෙත් විවර ..
ඔබම පෙන්වූ මාවතේ අනන්තෙට යනු හැකිද ?..
මග ඉදන් අතු පාර ,වැලි පාර ,කෙටි පාර හොයනවද ?


හිමකිරීම බෝලයක් වගේ  හීතල දෙන්න ..
ආසයි  මටත් හදවතේ මැදට විත් දියවෙන්න ...
පැණි වැටි ,කජු හැලී ...හදවතත් ලෙඩ වෙයිද ?
හිමකිරීම ඔබ දන්නේ රස පමණි අදුරන්න..... 


Tuesday, May 17, 2016

390

Contact 390 කි..
ෆෝන් බුක් පිරි..ඉතිරි...
මිතුදම් පවතින බව කියු..
හදවත් පොතේ සටහන් ව ඇති..නිරතුරුව නද දෙමින්..
විපතක් උ විට සිහිවන ..
සිහිවන  පමාවට waiting නොවන.. පිලිතුරු  වෙනුවට holding  නොදමන..
Call u back නොකියන...
හදවතින් Busy නොවන...
මුවගින් නැගෙන සිනහවක්....
පතම් මා කෙලෙස....

පෙනෙන නොපෙනන තරු

දිලෙන තරු හුගක් දුරලු...
ලන් වෙන්න බැරි තරම්...
බලා  සතුටු  විය හැකි ..
දමා යා නොහැකි ..


මේ තියෙන්නේ  ඇති  තරම්..තරු....


එකම අහසකට ඔය හැටි මොටද තරු ගොඩාක් පායන්නෙ දිලිසෙන්න...


දිලිසෙනවා..?? මොන බොරුද?..
දිලිසෙනවා නෙවෙයි..හිනහෙනවා..


අහ්..කතා ඇති...පරක්කුයි  හොදටෝම..


හිරු අවිත් ......!!!!
අතිකාල අහවරයි..! :)


ඉතින් එහෙනම් යන්න...
යලි නොඑන බව නොකියාම.

Wednesday, May 4, 2016

මගේ සඳ


මම අහසක් වෙන්නම් ඔබ ...මගේ සඳ වෙන්න ...
හිස් අහසම ආදරයේ සඳ කිරණින් පුරවන්න ...
ඔබ සයුරක් වෙන්න ...මං එහි පෙණ පිඩු වෙන්නම්
ඔබ දසුනක් වෙන්න ...මන් නෙත් රැදී දිස්නය වෙන්නම්...
මම  ඔබේම වෙන්නම් ...ඔබ මගේ හිමිසදු වෙන්න .......

Tuesday, April 26, 2016

Face Book ලව ......

Face Book   ලව ......
කාලය නැති කරන්...
ආලය online ..
දැන් නම් fun mind ..
කෝලය හිටිගමන්..
සිහිනය නෙතු පියන්...
පා වෙන දුර සවන්...
මානය ලග ඉදන්...
ලෝකය හෙන ලගින්...  

Friday, April 22, 2016

එදාටත් වැඩියෙන් අද ඔබව මට වටිනවා ...

එදාටත් වැඩියෙන් අද ඔබව මට වටිනවා ...
මොකද ..මට ඔබව දැනෙනවා ...
මගේ හිත අයිස් තට්ටුවකින් වැහිලා නෙව ...
බෝල් හුළගටත් කටු අනිනවා වගේ දැනෙන්නේ  ...
හදවතත් විඩාබර...
දැස් පෙති නිදිබර..
පියරු තැවරු කම්මුලකට ..
දෙන්න ඔනිමද හාදුවක්...
හාදුවක් විතරමද 
කව්රුවත් නොදන්නා නොපෙනෙනා ...ඉසව්වක හිඳ..
 නැ නෙව නිනව්වක් ...
පාළුවක් වගේවත් ලග ඉන්න නැද්ද මද ඉසීබුවක්..
ඔනිමද දකින්නට පාට තැවරු සිහිනයක් ...
ඉවසුමක් නැද්ද හදවතේ පාටටම හැරෙන තුරු ...
ඕන මට හිස් හදවතක් වැනි ඉසව්වක් ....
ලැගුම් ගන්නට කිමිද මහා සයුර මද...කප්පරක් බර තබන ගල් තඩියකට බැද එන්න ..

Monday, March 28, 2016

දියමන්ති



“රෝස මල් පෙති වගේ සුසිනිදු හීනයක් නම් නොවේ දිවි මග.. පුතේ නුබ දිරි ගනින් .. දියමන්ති කදු මුදුන තව දුර .. නැගෙන බාදා කටු පැදුරු හැර ... හැම අකුළු අතරෙන් යා යුතු.. පොඩි සිනිදු පා පතුල් රිදේවි.. නමුදු නොම නැවතියන් .. සද වසා සිටින ගන අදුර පරදා .. ලෝකයම දිදුලන්න ..දිදුලවන්න ..දියමන්තියේ දීප්තියෙන්..”