Tuesday, May 31, 2016

වැහි බින්දුව


සිතමි ඔබ හොඳින් බව..
වචන රහිත හුදෙකලා සිහිනය ..
දිගු කෙහෙරැලි අගින් ගලනා ..
චුටි තෙත වැහි බින්දුව...

විලවුන් පියරු සාරු ගෑ ඇස් පිහාටු ..
නිවී නිවී දැල්වී පහන් සොයපු ..
දින දින වී හිතවත්කම් ..
වට වැස්ස ලග ලගම දැන ...

නොලැබ වැහි අග්නිය ...
හදවත් පහන් දල්වා ...
නික්මුනේ පහන්සිල ...
පහන මග බලා වැහි පතනා ....

Tuesday, May 24, 2016

හිමකිරීම

තරු දකිනවලු හීන ...
ඔබට නොපෙනෙන දුරක...
මා දකිනවා සිහින ඒ උනත් නෙත් විවර ..
ඔබම පෙන්වූ මාවතේ අනන්තෙට යනු හැකිද ?..
මග ඉදන් අතු පාර ,වැලි පාර ,කෙටි පාර හොයනවද ?


හිමකිරීම බෝලයක් වගේ  හීතල දෙන්න ..
ආසයි  මටත් හදවතේ මැදට විත් දියවෙන්න ...
පැණි වැටි ,කජු හැලී ...හදවතත් ලෙඩ වෙයිද ?
හිමකිරීම ඔබ දන්නේ රස පමණි අදුරන්න..... 


Tuesday, May 17, 2016

390

Contact 390 කි..
ෆෝන් බුක් පිරි..ඉතිරි...
මිතුදම් පවතින බව කියු..
හදවත් පොතේ සටහන් ව ඇති..නිරතුරුව නද දෙමින්..
විපතක් උ විට සිහිවන ..
සිහිවන  පමාවට waiting නොවන.. පිලිතුරු  වෙනුවට holding  නොදමන..
Call u back නොකියන...
හදවතින් Busy නොවන...
මුවගින් නැගෙන සිනහවක්....
පතම් මා කෙලෙස....

පෙනෙන නොපෙනන තරු

දිලෙන තරු හුගක් දුරලු...
ලන් වෙන්න බැරි තරම්...
බලා  සතුටු  විය හැකි ..
දමා යා නොහැකි ..


මේ තියෙන්නේ  ඇති  තරම්..තරු....


එකම අහසකට ඔය හැටි මොටද තරු ගොඩාක් පායන්නෙ දිලිසෙන්න...


දිලිසෙනවා..?? මොන බොරුද?..
දිලිසෙනවා නෙවෙයි..හිනහෙනවා..


අහ්..කතා ඇති...පරක්කුයි  හොදටෝම..


හිරු අවිත් ......!!!!
අතිකාල අහවරයි..! :)


ඉතින් එහෙනම් යන්න...
යලි නොඑන බව නොකියාම.

Wednesday, May 4, 2016

මගේ සඳ


මම අහසක් වෙන්නම් ඔබ ...මගේ සඳ වෙන්න ...
හිස් අහසම ආදරයේ සඳ කිරණින් පුරවන්න ...
ඔබ සයුරක් වෙන්න ...මං එහි පෙණ පිඩු වෙන්නම්
ඔබ දසුනක් වෙන්න ...මන් නෙත් රැදී දිස්නය වෙන්නම්...
මම  ඔබේම වෙන්නම් ...ඔබ මගේ හිමිසදු වෙන්න .......